අපගේ දැක්ම

විශිෂ්ඨ හා කාර්යක්ෂම සේවාවක් තුලින් රාජ්‍ය සේවයේ ප්‍ර‍මුකයා බවට පත්විම

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකුලව සේවා සැපයීම

සම්පත් සම්බන්ධීකරණය

ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැලසුම් සහගත ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම

පිහිටිම           

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස අතරින් විශාලත්වය අනුව 08 වන ස්ථානය ගන්නා පරිපාලන ලේකම් කොට්ඨාසය ලෙස මෙය හැඳින්විය හැකි වන අතර, වෙරළ කළාපයට ආසන්නවම පිහිටා ඇති ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයක් ලෙසද හැඳින්විය හැකිය.මෙම කොට්ඨාසය වෙරළ කළාපයට යාබදව සැතපුම් 03 ක් පමණ රට අභ්‍යන්තරයට පිහිටා ඇත. ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටීම උතුර හා නැගෙනහිර ඛණ්ඩාංක අනුව, පහත සඳහන් පරිදි දැක්විය හැකිය. උතුරු අක්ෂාංශ 5-55 හා 6 -55 අතර හා නැගෙනහිර දේශාංශ 80-15 හා 80-25 අතර වේ.

            ගාල්ල දිස්ත්‍රික්කයේ අංක 67 දරණ හබරාදුව  මැතිවරණ කොට්ඨාසය  මුළුමනින්ම හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ඇතුළත් වුවත් 1998 ජුලි 18 වැනි දින සිට ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නමින් නව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයක් පිහිටුවන ලදි.

1998 ජූලි මසට පසු හබරාදුව ප්‍රා‍‍දේශිය ලේකම් කොට්ඨාස මායිම්:

නැගෙනහිරට    -           මාතර දිස්ත්‍රික්කයට අයත් වැලිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය

දකුණට             -           මහා සමුද්‍රය

බස්නාහිරට       -           ගාල්ල කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය

උතුරට              -           අක්මීමන  හා ඉමදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස

            හබරාදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ විශාලත්වය හෙක්ටයාර් 4680 ක් පමණ වන අතර හෙක්ටයාර් 727 ක පමණ බිම් ප්‍රමාණයක් ජලාශවලට යටවි ඇත. මෙම කොට්ඨාසය තුල අභ්‍යන්තර ජලාශ 04 ක් ඇත. කොග්ගල ඔය, තල්දුව ගග, පොල් ඔය, වග්ගල්මෝදර ඇල ඒවාවේ. මින් කොග්ගල ඔය විශාලත්වයෙන් වැඩි  වේ.

මෙම ඔය ආශ්‍රිතවනොයෙක් ප්‍රමාණයෙන් යුත් දුපත් 14 කි. ඇලන්දුව, කොක්දුව, ගන්දුව, කුරුළු දුව, තළාතුඩුව, කද්දූව, මඩොල්දුව ඉන් කිහිපයකි. විශාල දූපත ඇලන්දූව වන අතර, මඩොල්දුව ආශ්‍රිතව සුප්‍රසිද්ධ කතුවරයෙකු වන මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් නව කථාවක් ගොඩනගා ඇත. අක්කර 20 ක භූමි ප්‍රමාණයක් ඇති තලාතුඩුව දූපතෙහි සහ වෑදුවෙහි බෞද්ධ ආශ්‍රම පිහිටා ඇත. මේ දුපත් අතරින් ජනාවාස වී ඇත්තේ ගම්දුව පමණි .

ඓතිහාසික පසුබිම :

            හබරාදුව ඈත  කාලයේ හැඳින්වූ  නාමය  හබරදුව  නමි වේ.එය ක්‍රමයෙන් වෙනස් වී හබරාදුව ලෙස දැනට භාවිතා කරනු ලබයි.15 වන සියවස කාල‍යේදී  මෙම හබරාදුව ප්‍රදේශයේ  නා ගස්  තිබූ බව කෝකිල සංදේශයේ සඳහන්  වේ. දෙවඟනන්ගේ  පාදවල ලතු ගැන්වීම නිසා මෙම නා ගස් වල දළු රතු පැහැ ගැන්වූ බව එහි තවදුරටත් සඳහන්වේ.

 හබරාදුව ප්‍රදේශයේ ඓතිහාසික පසුබිම ගැන බලනවිට  කොග්ගල ඔය ආශ්‍රිත දුපත් සමූහය, රූමස්සල කන්ද, වැල්ලෙදේවාලය, රංවැල්ලේ පුරාණ විහාරය සහ හිරිගල් දේවාලය ආදි ස්ථාන වැදගත්වේ.

            රූමස්සල කන්ද පිළිබඳව ගත්කළ රෝග සුවකිරීමට විශ්මය ජනක ශක්තියක් ඇති ඹෟෂධීය පැළ වැවෙන රක්ෂීතයන් ලෙස හින්දු මහා කාව්‍යයක් වන මහා භාරත රාමායනයෙහි සඳහන් වේ. රාමායනයෙහි සඳහන් ලක්ෂ්මන් විසින් රාමාට සිදුකළ තුවාල සුවකිරිමට පුදුම සහගත ඹෟෂධීය ගුණයෙන් යුත් පැලෑටියක් රූමස්සල කන්දේ පැවති බව විශ්වාස කර ඇත. කොස්මෝස් ඉන්දිකැල්යුස්ටස් (cosmos indicaleustcs) ක්‍රි:ව: 545 දි ඔහුගේ වංශ කතා‍වේ දී ගාල්ල ගැන සඳහන් කරයි. තවද මහා භාරත රාමායනයෙහි සඳහන් පරිදි රාම රාවණා යුද්ධයේ දී  යුධ පිටියේ තුවාල ලැබු සෙබළුන්ට ප්‍රතිකාර කිරිමට අවශ්‍ය බෙහෙත් ලබා ගැනීමට හනුමන්තා හිමාලයට ගොස් ඇත. හිමාලයෙන් කොටසක් රැගෙන එනවිට ඉන් උනා වැටුන කොටසක් ලෙස රූමස්සල හැඳින්වේ. එම ප්‍රදේශය උණවටුන ලෙස හැඳින්වේ.

            රූමස්සල කන්දේ නැගෙනහිර කෙලවරේ වැල්ලේ දේවාලය පිහිටා ඇත.පැරැන්නන් මුහුදු යෑමට පෙර වැල්ලේ දේවාලයට විත් දෙවියන්ට භාරවී මුහුදු යෑම සිරිතක් වශයෙන් කළ අතර, එම සිරිත ඈත අතීතය තෙක් විහිදේ.සියවස් දෙකකට මෙපිට රුවල් ඔරු මගින් හම්බන්තොට සිට වැල්ලේ දේවාලයට ලුණු ගෙනවිත් කරත්තවලින් ලුණු බෙදාහැරි බව පැරැන්නන් පවසති.රූමස්සල යනු රෑමස්සල යන්නෙන් සෑදුනකි. එනම්, මසුන් මරන්නා ගමන් ගන්නා මාර්ගය යන්නයි.

ලන්දේසි ආණ්ඩුකාරවරයාගේ නිල නිවස දැනට උණවටුන රෝහල පිහිටි ස්ථානය බව පැරැන්නන් පවසති. ආණ්ඩුකාරවරයා විසින් එම නවාතැනේ මල් වවා තිබු අතර, එය මල්වත්ත නමින් අද ප්‍රසිද්ධය. එවකට මල් වත්තේ ආණ්ඩුකාරවරුන් උණවටුන ඕලන්ද  ඔය හරහා  ඔරුවෙන් වෙරළට ගොස් ඇත.

            හබරාදුව නගරයේ සිට කි.මි. 03 ක් පමණ ගියවිට කතළුව හන්දිය ආසන්නයෙන් වමට හැරී කි.මි. 1 ක් පමණ ඈතින් රංවැල්ලේ පුරාණ විහාරය පිහිටා ඇත. මෙම විහාරය මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් අරඹන ලද්දකි.

1860 ජුනි මස බිහිවු ලංකාවේ මුල්ම පුවත්පත ආරම්භ වුයේ මෙම විහාරස්ථානයෙන් වේ. 1868 ජෝන් වර්ඩෝක් හා ‍ජේමිස්  නිකල්සන් දේවගැතිතුමන් විසින් ලියන ලද මුද්‍රිත සිංහල පොත්පත්  නැමති ග්‍රන්ථයේ සඳහන් වන පරිදි එම පුවත්පත ලංකෝපකාර මුද්‍රණාලයෙන් මුද්‍රණය කරවා ප්‍රසිද්ධ කරන ලද්දේ ඩබ්ලිව්. ඊටින්  නැමති මහත්මයකු විසිනි. ෆුල්ස්කැප් පිටුවක ප්‍රමාණයෙන් පල වූ මෙම පුවත් පත සතිපතා ප්‍රකාශයට පත් කෙරිණ. බුද්ධාගමේ හා සිංහල ජාතියේ දියුණුව පරමාර්ථ කොට ගත් එම පුවත්පත සිතියම් හා වර්ණක සංයෝජනය යන අංගයන්ගෙන් සැකසි උසස්ම මට්ටමකින් සැකසිනි.

1881ලංකෝපකාර මුද්‍රණාලයෙන් බිහිවූ සරසවිය සඳරැස් පුවත්පත ඉතිහාසයේ වැදගත් තැනක් ගනී. මෙම පුවත් පත කොතරම් ජනප්‍රිය වූවාද කිව හොත් එකළම පලවු ලක් රිවි කිරණ,සද්ධර්මාලංකාරය යනාදී පුවත්පත් සඟරාවල සුභ පැතුම් පත්වලින් පෙනියයි. 1909 ඇරඹී මේ වනතෙක් අඛණ්ඩව පවතින එකම පුවත්පත වන දිනමිණ  ගාලු පෙ‍දෙසේ කිහිප දෙනෙකුගේ සහායෙන් බිහි වූවෙකි. හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමි, පියදාස සිරිසේන, මාර්ටින් වික්‍රමසිංහ සූරීන්, බටුවන්තුඩාවේ පඩිතුමා, දොඩන්දූවේ ධර්මසේන පඩිතුමා යන ශ්‍රේෂ්ඨ වියත්හු සිංහල පුවත්පත් කලාව පෝෂණයට උරදුන්නෝ වෙති. ඒ හැම විද්වතෙක්ම ගාල්ල පියසෙහි පහල වුවෝ වෙති. ඔවුන් අතරින් මාර්ටින් වික්‍රමසිංහ ශ්‍රීමතාණන් හබරාදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජන්ම ලාභය ලැබූවෙකි.

 

ෙම් දක්වා සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

අ.අං.

නම

තනතුර

සිට

දක්වා

01

ලයනල් ප්‍රනාන්දු මහතා

ප්‍රාදේශීය ආදායම් නිලධාරී

02

ඊ.මල්ලවආරච්චි මහතා

ප්‍රාදේශීය ආදායම් නිලධාරී

03

ජයතිස්ස බණ්ඩාරගොඩ මහතා

උප දිසාපති

04

ච.වී. ජයවික්‍රම

උප දිසාපති

05

සී. අබේගුණවර්ධන මහතා

උප දිසාපති

06

ඇල්බට් රත්නායක මහතා

උප දිසාපති

07

බී.විජේතුංග මහතා

උප දිසාපති

08

මුදලිගේ . පී. ආර්. මහතා

උප දිසාපති

09

එස්. ආර්. වික්‍රමරත්න මහතා

උප දිසාපති

10

සුමනවර්ධන ජාගොඩ මහතා

උප දිසාපති

11

ලක්ෂ්මන් පෙරේරා මහතා

උප දිසාපති

12

ඩීක්. අමරසිරි මයා

ප්‍රාදේශීය ලේකම්

1992

1994 දක්වා

13

ඩබ්.එච්.කරුණාරත්නමයා

ප්‍රාදේශීය ලේකම්

1994 ජූලි

2000 දෙසැම්බර්

14

ඩී.ඩබ්.එස්. ද සිල්වා මිය

ප්‍රාදේශීය ලේකම්

2001 ජනවාරි

2001 ජුනි

15

ඩී.කේ. අමරසිරි මයා

ප්‍රාදේශීය ලේකම්

2001 ජුනි

2001 අගෝස්තු

16

ටියුඩර් කංකකානම්ගේ මයා

ප්‍රාදේශීය ලේකම්

2001 සැප්තැම්

2003 මැයි

17

එන්.සි විතා‍නගේ මයා

ප්‍රාදේශීය ලේකම්

2003 ජුනි

2003 නොවැම්බර්

18

තිලකා කල්‍යාණි මිය

ප්‍රාදේශීය ලේකම්

2003 දෙසැම්බර්

2004 සැප්තැම්බර්

19

ලාල් සමර‍‍සේකර මයා

ප්‍රාදේශීය ලේකම්

2004 ඔක්තෝ 28

2009

20

තරංගා වික්‍රමරත්න මිය

ප්‍රාදේශීය ලේකම්

2009 මාර්තු

2011 නොවැම්බර්

21

ඒ.එම්.ඒ.යු.ජි.කාරියවසම් මිය

ප්‍රාදේශීය ලේකම්

2011 නොවැම්බර්

2015 මැයි 08

22

තරංගා වික්‍රමරත්න මිය

ප්‍රාදේශීය ලේකම්

2015 මැයි 11

මේ දක්වා

News & Events

28
අගෝ2017

කොට්ඨාස දින රැස්වීම

හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කොට්ඨාශ දින රැස්වීම 2019.06.14...

Scroll To Top